67 වැනි මහලෙන් ඇද වැටී මිය ගිය 15 හැවිරිදි සිසුවා සහ සිසුවියගේ සිද්ධිය ගැන අලුත්ම ආරංචිය මෙන්න..(PHOTOS)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Accident Death
By Aruna Jul 04, 2024 06:05 PM GMT
Report

කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඊයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව විවෘත තීන්දුවක් දෙමින් ඔවුන්ගේ දේහ ඥාතීන් වෙත භාරදී ඇති බවයි,පොලීසිය ප්‍රකාශ කළේ.

කතකගේ බඩේ තිබූ කිලෝ 15ක ගෙඩියක් එළියට ගත් ලංකාවේ විශ්මිත සැත්කම..යළිත් හම්බන්තොටින් වාර්තාවක්.(VIDEO/PHOTOS)

කතකගේ බඩේ තිබූ කිලෝ 15ක ගෙඩියක් එළියට ගත් ලංකාවේ විශ්මිත සැත්කම..යළිත් හම්බන්තොටින් වාර්තාවක්.(VIDEO/PHOTOS)


මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබුණේ කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රෙණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් සහ සිසුවියක්.

ඔවුන්ගේ සිරුරු මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදී සොයා ගැනුණු අතර, එම යන්ත්‍රවල ගැටීම හේතුවෙන් සිරුරුවලට බරපතළ හානි සිදුවී තිබුණා.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, මෙම සිසුවා සහ සිසුවිය අතර දැඩි මිත්‍රත්වයක් තිබී ඇති බවයි.

සියලුම තරුණ තරුණියන් වෙනුවෙන් ලංකා බැංකුවෙන් අලුත් වැඩක් මෙන්න..

සියලුම තරුණ තරුණියන් වෙනුවෙන් ලංකා බැංකුවෙන් අලුත් වැඩක් මෙන්න..


එමෙන්ම අදාළ සිසුවිය උස් ස්ථානවලට ගොස් ඡායාරූප ගැනීමේ රුචිකත්වයකින් පසුවී ඇති අතර, ඇයගේ ජංගම දුරකථනයේ තිබී එවන් ඡායාරූප කිහිපයක්ම පොලීසිය සොයාගෙන තිබූ බවයි අනාවරණයවී ඇත්තේ.

ඒ අනුව, පොලීසිය සැක පළ කරන්නේ, එලෙස ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී මොවුන් දෙදෙනාම 67 වැනි මහලින් බිමට වැටී ඇති බවටයි.

කෙසේවෙතත්, අනතුර සිදුවීමට පෙර දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇතැයි සැකයක් පවතින බවද විමර්ශකයින් ප්‍රකාශ කරයි.

අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය තුළට යාම සඳහා මොවුන්ට අවසර ලබාදී ඇත්තේ, එහි පදිංචි, ඔවුන්ගේම පන්තියේ සිටි සමීපතම මිතුරෙකු විසින් බවයි මේවන විට තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, එම මිතුරා හේතුවෙන් සිසුවා සහ සිසුවිය නිතර නිවාස සංකීර්ණයට පැමිණෙන නමුත් ඔවුන් එදින එහි පැමිණෙන බවට සිය මව්පියන් දැනුම්වත් කර නොමැති බවයි.

පාසල් ළමුන් වෙනුවෙන් ප්‍රධානියෙක් ඉල්ලූ දේ..ලැබුනොත් දෙමාපියන්ට සුබ ආරංචියක්..

පාසල් ළමුන් වෙනුවෙන් ප්‍රධානියෙක් ඉල්ලූ දේ..ලැබුනොත් දෙමාපියන්ට සුබ ආරංචියක්..


සිය දියණිය නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඇයගේ පියා සිසුවාට දුරකථනයෙන් අමතා ඇති නමුත්, එහිදී ඔහු පවසා ඇත්තේ ඇය තමන් සමග නොමැති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ අවදානය යොමුවී ඇත්තේ, පොලීසිය දැනුම්වත් කරන බවට අදාළ සිසුවියගේ පියා පැවසීමත් සමග ඇතිවූ බිය හේතුවෙන් මොවුන් දෙදෙනා මහල් නිවාසයෙන් පැන්නේද යන්න පිළිබඳවයි.

සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකථනද වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.

කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානාධිපති කපිල විජේමාන්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

ඉන්දියාවට ගෙනා ලෝක කුසලානයට මෝදි කරපු දෙයක් සමාජ මාධ්‍ය කළඹයි(PHOTOS).

ඉන්දියාවට ගෙනා ලෝක කුසලානයට මෝදි කරපු දෙයක් සමාජ මාධ්‍ය කළඹයි(PHOTOS).


මේ අතර සිද්ධිය සිදුවූ දිනයේ සිසුවිය පාසලෙන් ඉවත් කර තිබූ බවට පළවන වාර්තා ද අසත්‍ය බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

GalleryGalleryGalleryGalleryGallery