නිවසේ කවුරුත් නැති වෙලේ පෙම්වතා සමග උරණ වූ සිසුවිය කරගත් අපරාධයේ වැඩි විස්තර මෙන්න.(PHOTOS)UPDATE

Accident Education School girl suicide Karuwala gaswewa
By Aruna Dec 30, 2021 04:26 AM GMT
Report

කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියක් ඊයේ (29දා) අලුයම නිවස අසළ ළිඳකට පැන සිය දිවි නසාගෙන තිබියදි සොයා ගත් බව කරුවලගස්වැව පොලීසිය සඳහන් කරනවා.

  දැරිය කරුවලගස්වැව ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයකු සමග සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර අදාළ තරුණයා සමග මෙම දැරිය 28 දින රාත්‍රියේ හා 29 දින අලුයම කෙටි පණිවිඩ හුවමාරුවක් සිදු කර ඇති බවත් එයින් පසු කිසියම් කරුණක් සම්බන්ධව සිත් තැවුලට පත්ව සිය දිවි නසා ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

පොලිසිය පවසන්නේ දැරියගේ පියා රාත්‍රියේ කුඹුරු ආරක්ෂා කිරීමට යන බවත් නැවත නිවසට පසු දින 7 න් පසු පැමිණෙන බවත්ය .

දැරියගේ මවද අලුයම 5 ට කල්පිටියේ එළවළු කොටු වල එළවළු කැඩිම සදහා පිටත්ව යන බවත් සඳහන් වනවා එමෙන්ම නිවසේ සිටි සොහොයුරියද මහව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කිරීම සඳහා අලුයම පිටත්ව යන බවයි පැවසෙන්නේ .

තරුණයා සමග ආරවුලක් ඇති කර ගෙන සිටි මෙම දැරිය සිත් තැවුල දරා ගත නොහැකිව නිවසේ කිසිවකු නොසිටි මෙහොතේ නිවසේ සිට මිටර් 200 කට අඩු දුරකින් පිහිටා තිබු පාළු ළිදකට පැන සිය දිවි නසා ගෙන ඇති බව පොලීසිය සැක පළ කරනවා.

දැරිය අලුයම සිට නිවසින් අතුරුදහන්වී සිටීම නිසා ඊයේ (29) දින දහවල් දැරියගේ පියා කරුවලගස්වැව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

පොලීසිය පැමිණ නිවස හා අවට සෝදිසි කිරීම් වලදි දැරිය විසින් ඇගේ අත් අකුරින් ලියන ලද ලිපියක් සොයා ගෙන තිබෙන අතර කරුවලගස්වැව පොලිසිය හා කොට්ඨාශ අපරාධ ස්ථානීය පරික්ෂණ නිළධාරින් (සොකෝ) සහ ගම්වාසින් විසින් අවට තිබු ළිං කිපයක ජලය ඉසිම සිදු කිරීමෙන් පසුව පාළු ලිදේ තිබි දැරියගේ සිරුර හමුවූ බව සඳහන්.

පොලිසිය සැක පළ කරන්නේ මෙම දැරිය 29 දින උදෑසන 6 පමණ ළිඳට පැන ඇති බවයි.

පාළු ළිද තුළ තිබී ගොඩ ගත් දැරියගේ සිරුර පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කර තිබෙනවා.

දැරියගේ මරණයට සැකකරන 17 හැවිරිදි තරුණයාව කරුවලගස්වැව පොලිසිය විසින් මේ වනවිට අත් අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වනවා.

.........................................................................................

තවත් සිසුවියක් ඔන්ලයින් බිල්ලක්..දුරකතනයේ තිබූ දෙයින් සියල්ල හෙළිවෙයි..(PHOTOS)

කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියකගේ සිරුර තම නිවසේ ළිඳේ තිබි සොයා ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි.

එම දැරිය කරුවලගස්වැව ඩි.එස්.සේනානායක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවියකි දැරියගේ මව කුලි වැඩ කරමින් උපයා ගත් මුදලින් ඇගේ අධ්‍යාපන කටයුතු සඳහා ජංගම දුරකථනයක් ලබා දී ඇති බව පොලිසිය පවසයි.

මේ වන විට සිදුකල පරික්ෂණ වලින් සනාථ වි ඇත්තේ සියදිවි නසා ගත් දැරිය එම දුරකථනයෙන් කරුවලගස්වැව 17 හැවිරිදි තරුණයකු සමග රහසේ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි.

අදාල තරුණයා සමග මෙම දැරිය 28 දින රාත්‍රියේ හා 29 දින අලුයම කෙටි පණිවිඩ හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පසු කිසියම් කරුණක් සම්බන්ධව සිත් තැවුලට පත්ව සිටි ඇති බවට පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇති බව පොලිසිය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery