15 හැවිරිදි දැරියක් දූෂණය කොට මන්නෙන් පහරදී කන්දකින් පහලට දැමූ සිදුවීමේ සුලමුල සොයා ගැනේ.

Sri Lanka Police Sri Lanka Department of Prisons Sri Lanka Accident
By Aruna Sep 30, 2022 02:32 AM GMT
Report

2009 වසරේදී ඇහැළියගොඩ එල්ලාවල ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණයට ලක්කර ඝාතනය කළ සැකකරුවෙකු ඩී.එන්.ඒ. පරීක්ෂණයක් මගින් වසර 13 කට පසු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රේමසිරි සේනාරත්න නමැති පුද්ගලයෙකි. 2009 ජූනි මස 23 වැනිදා ඇහැළියගොඩ එල්ලාවල මහා විද්‍යාලයේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කන්දේවත්තලාගේ පියුමි මාධවිකා ජයසිංහ නමැති 15 හැවිරිදි සිසුවියක් පාසල් ගොස් පැමිණ සිටියෙදී පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කර තිබුණි.

ඇය දූෂණය කිරීමෙන් පසු මන්නයකින් හිසට පහරදී එල්ලාවල පිටකන්ද ප්‍රදේශයේ කඳු මුදුණකින් පහළට දමා තිබිණි.

මෙම සිද්ධියට අදාළව එල්ලාවල ප්‍රදේශයේම එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මේ වනවිට වසර විස්සක සිරදඬුවමක් විඳිමින් සිටියි.

මේ අතරතුර 2019 වසරේදී ඇහැළියගොඩ දිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු අනූවක මහළු කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව ප්‍රේමසිරි සේනාරත්න නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියෙදී පාසල් සිසුවිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරු සමගින් උඹ කන්නේ මගේ පරිප්පුවක් තමයි.

කෙල්ලව මැරුවේ මම යැයි සඳහන් කර තිබේ.

එය ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි දූෂණ මර්දන නඩුවකට බන්ධනාගාර ගතකර සිටි සැකකරුවෙකුට ඇසී ඇත.

ඔහු බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණීමෙන් පසු නැවතත් ඇහැලියගොඩ පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තවත් දූෂණ මර්දන වැටලීමකදීය.

එහිදී ඇහැලියගොඩ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ජී. උදයශාන්තට බන්ධනාගාරයේදී ඇසුනු කතාව සැකකරු විසින් පාපොච්ඡාරණය කර තිබිණි.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයශාන්ත 2019 වසරේ දෙසැම්බර් 30 වැනිදා දිද්දෙණියේ මහළු කත ඝාතනයට බන්ධනාගාර ගතකර සිටි සැකකරුගෙන් ප්‍රශ්න කර ඔහු ඩී.එන්.ඒ. පරික්ෂණයකට යොමු කර ඇත.

එම පරික්ෂණයේ වාර්තාව 2020 වසරේ මැයි 18 වැනිදා ලැබෙනු අතර එල්ලාවල ප්‍රදේශයේ දූෂණය කර මරා දැමූ පාසල් දැරියගේත් එම සැකකරුගේත් සාම්පල එමගින් ගැළපී ඇත.

කෙසේ නමුත් ඩී.එන්.ඒ. වාර්තාව පැමිණෙන අවස්ථාවේදී එම සැකකරු ඇප මත මුදාහැර තිබුණු අතර ඔහු දිද්දෙණිය ප්‍රදේශයේ සිට පලිගල ප්‍රදේශයටත් එහි සිට තවත් ප්‍රදේශයකටත් නිවාස මාරු කර සැඟවී සිට ඇත.

මේ සැකකරු සොයා සිදුකරන ලද විමර්ශන මගින් සැකකරු ඇහැලියගොඩ නියනකොළ ප්‍රදේශයේ සැඟවී සිටියෙදී පෙරේදා (28) අත්අඩංගුවට ගෙන ඇත.

තමන් මේ සිසුවිය කෙරෙහි තැබූ ආශාවට ඇයව පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කළ බවත් අනතුරුව මන්නයකින් පහරදී ඝාතනය කර කන්දෙන් පහළට විසිකර දැමූ බවත් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු විසින් පාපොච්ඡාරණය කර ඇත.

එමෙන්ම අපයෝජනය කර ඝාතනය කළ ස්ථානයද පොලිසියට පෙන්නා තිබේ.

සැකකරු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now