ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන සැපයීම අත්හිටුවයි..

Sri Lanka Kanchana Wijesekera
By krishani May 22, 2022 08:32 AM GMT
Report

කැස්බෑව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන ගොඩබෑම අත්හිටුවා ඇති බවට වාර්තා වේ.

ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කැස්බෑව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්ධන ගොඩබෑම අත්හිටුවීමට කටයුතු කරන බව පැවසූ අතර ඒ අනුව නැවත දැනුම්දෙනතුරු එම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නිකුත් නොකරන බව දැන්වීමක් මඟින් පාරිභෝගිකයින් දැනුවත් කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join