පොලිස් මෙහෙයුමෙන් මියගිය සුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු "අම්බාගේ" සියලු පැටිකිරිය එළියට..වීඩියෝ සහිතයි..(VIDEO)

Modara STF Moratuwa Dhilan Sameera Amba
By Sewvandhi Feb 11, 2022 09:33 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුර සලිඳු නමැත්තාගේ සමීපතම ගෝලයෙකු වූ දිලාන් සමීර නොහොත් අබ්බා නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවක් අතරතුර ජීවිතක්ෂයට පත්විය

එම මෙහෙයුම අතරතුර සැකකරුවන් විසින් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත වෙඩිප්‍රහාර එල්ල කිරීමට භාවිත කළ ස්වයංක්‍රිය ගිනිඅවියද පොලිසිය භාරයට ගෙන තිබෙන අතර ඔවුන් සඟවා ඇති වෙනත් ආයුධ සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකෙරේ.

මෙම වැටලීමේදී අබ්බා සමග නිවසේ සිටි තවත් පුද්ගලයින් හය දෙනෙකුද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එගොඩ උයන පොලිසිය වෙත භාර දෙනු ලැබීය.


ඔවුන් මොරටුව,මෝදර,කටුකුරුන්ද,වස්කඩුව හා මාවනැල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30,34,40,42 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කළේය. මෙම සැකකරුවන්ගේ නිවෙස් පරික්ෂා කිරීමේදී එක් අයෙකුගේ නිවසේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සෙයාගෙන තිබේ.

එම සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය තොගයක් අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව නඩු පැවරූ පුද්ගලයෙකු වෙයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ මොරටුව මෝදර ප්‍රදේශයේ නිවසක් වටලා සෝදිසි කිරීමක් සිදුකර තිබුණේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුරදීය.

එහිදී එම නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුර සලිඳු නමැත්තාගේ සමීපතම ගෝලයෙකු වූ දිලාන් සමීර නොහොත් අබ්බා සමග තවත් පිරිසක් රැඳී සිට තිබුණි. පොලිසිය පැවසුවේ නිලධාරීන්ගේ පැමිණීමත් සමග එම පිරිස අතර සිටි අයෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කර ඇති බවය.

ඒ අනුව එම වෙඩි පහරින් තුවාල ලැබූ දිලාන් සමීර නොහොත් අබ්බා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කළේ සැකකරු එල්ල කළ වෙඩි ප්‍රහාර 02ක් විශේෂ කාර්ය බළකා නිලධාරියෙකුගේ ශරීර ආරක්ෂක ආවරණයට වැදී ඇති අතර ඒ හේතුවෙන් ඔහුද ප්‍රතිකාර සඳහා පානදුර  මූලික රෝහලට ඇතුළත් කළ  බවය.

27 හැවිරිදි ඩිලාන් සමීර නොහොත් අබ්බා නමැත්තා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායිහි රැඳී සිටින පානදුර සලිඳු නමැත්තාගේ සමීපතම ගෝලයෙකු බව පොලිසිය පවසයි.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙර වලාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කාන්තාවකගේ අතක් කපා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද මෙම අබ්බා නමැත්තා බවට පොලිසිය හඳුනාගෙන තිබේ. ඊට අදාළ නඩුව මෙන්ම තවත් මිනිමැරුම් නඩුවක් සැකකරුට එරෙහිව අධිකරණයේ විභාග වෙමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් විශේෂ කාර්ය බළකාය හා එගොඩ උයන පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now