ඇමරිකානු ඩොලර් 50,000 ක් සමඟ පුද්ගලයෙකු STF අත්අඩංගුවට..! (PHOTOS)

Nihal Talduwa Sri Lanka Army Sri Lanka Police STF Sri Lanka Economic Crisis
By Sewvandhi May 22, 2022 09:23 AM GMT
Report

පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) වැලිකඩ ප්‍රදේශයේදී ඇමෙරිකානු ඩොලර් 50,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් පස්වරු 7 ට වැලිකඩ පොලිස් වසමේ වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ පළමු මහලේ මුර සංචාරයේ යෙදී සිටියහ.

ඒ අනුව සිදුකළ සෝදිසි කිරීමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15, අලුත්මාවත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ඔහු සන්තකයේ තබා ගත් ආකාරය ඔප්පු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිය උල්ලංඝණය කළ බවට සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිසියට භාර දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery