වේදනා නාශක මත්පෙති වැටලූ STF සූක්ෂම මෙහෙයුම..

Sri Lanka Police Sri Lanka
By krishani May 08, 2022 02:41 AM GMT
Report

විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද මෙහෙයුමක දී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද වේදනා නාශක මත්පෙති (PREGABALIN) සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටවල සිට හොර රහසේ ඖෂධ නියාමන කොමිසමට පටහැනිව සහ වෛද්‍ය නිර්දේශයන් ද රහිතව මෙරටට එම ඖෂධ ආනයනය කළ අයෙකී.

මැදවච්චිය පොලිස් වසමේ සී.පී. ටවුන්, රජරට සිනමා හල ඉදිරිපිට දී මෙම වැටලීම සිදු කෙරුණු අතර වේදනා නාශක මත්පෙති 60ක් සමග අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර මෙම වේදනා නාශක මත්පෙති හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් විසින් සිය වේදනා නාශකයක් ලෙස භාවිත කරන ඖෂධ වර්ගයක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට මැදවච්චිය පොලීසියට භාර දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join