අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka
By krishani May 20, 2022 02:32 AM GMT
Report

රටේ දැන් පවතින තත්ත්වය හමුවේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේ දී පෝලිම්වල අධික කාලයක් සිටීමට සිදුවීම නිසා දැඩි අපහසුතාවන්ට ලක්වන බවට වාර්තා වී ඇත.

ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට  අපහසුතාවයකින් තොරව අවශ්‍ය සේවා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා රජයේ සහ පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් සිදුකර සිටියි.

කෙසේවෙතත් ඉන්ධන,ආහාර ද්‍රව්‍ය,සෞඛ්‍ය සේවා ඇතුලු අනෙකුත් අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේ දී මෙම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස අදාළ රජයේ සහ පෞද්ගලික ආයතනවලින් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join