අනුර කුමාරගේ ආන්දෝලනාත්මක හෙළිදරව්වට හිටපු මහබැංකු අධිපති කබ්රාල්ගෙන් පිළිතුරු..
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිදුකරන චෝදනාව අසත්‍ය බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඒ නිසි අනුමැතියකින් තොරව, "එක්සත් ජනපද CIA නියෝජිතයෙකු" වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2014 වසරේ දී ගෙවා ඇති බවට සිදු කළ චෝදනාවය.
පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට පාලනය කළ වත්මන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් සිදුකළ බව කියන දූෂිත ගනුදෙනු රැසක් ජනතා විමුක්ති පෙරමුණ සහ දූෂණ විරෝධි හඬ සංවිධානය ඊයේ (03) අනාවරණය කළේය.
කෙසේවෙතත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ 2014 වසරේදී මහ බැංකුව විසින් මෙම ගෙවීම් සිදුකර ඇත්තේ රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත බවය.
ඒ සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද කබ්රාල් මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |