බස් නැවතුම්පොළේ දී සිදුවුණු බිහිසුණු පිහි ඇනුම - පුද්ගලයෙකු ජීවිතක්ෂයට..

Kalutara Sri Lanka Crime
By Sewvandhi Dec 18, 2022 05:02 PM GMT
Report

අද (18) සවස 5ට පමණ කළුතර බස්නැවතුම්පොළේ දී  පිහි ඇනුමක් සිදුව තිබේ. බස් නැවතුම්පොළේ රැඳීසිටි පුද්ගලයෙකු ට එලෙස පිහි ප්‍රහාරය එල්ල වී ඇත.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පළා ගොස් ඇතැයි කළුතර දකුණ පොලීසිය පවසයි. පිහි ඇනුමට ලක් වූ පුද්ගලයා කළුතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි තරිදු දර්ශන නැමති පුද්ගලයෙකි. පළාගිය සැකකරු සොයා කළුතර දකුණ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now