ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබෙන දිනය - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්..!
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වුණා.
විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කරන්නේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අප්‍රේල් මස සිංහල අලුත් අවුරුද්දට පෙර ලබාදීමට කටයුතු කරන බවයි.
මේ අතර,මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 07 දෙනෙකු කෝවිඩ් ආසාදිත බවට වාර්තා වී ඇතැයි මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා මහතා පවසයි.
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින කොරෝනා ආසාදිත සිසු සිසුවියන් සඳහා උල්ලලපොල කණිෂ්ඨ විද්‍යාලය තුළ විශේෂ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවත් ,නිරෝධායනය වන සිසුන් සඳහා නියමිත විභාග මධ්‍යස්ථාන තුළ වෙනම පන්ති කාමර තුළ විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇති බවද වජිර රණරාජා මහතා පැවසීය.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් අතර පෙරට වඩා කොවිඩ් රෝගී තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත් සැලකිය යුතු සිසුන් පිරිසක් පාසල් වලට පැමිණීමේ අඩුවක් පවතින බවත් ලැබෙන තොරතුරු අනුව උණ ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම සිසු සිසුවියන් පාසල් වලට පැමිණ නැති බවටත් වාර්තා වී ඇති බවයි.
මේ අතර මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් 04 දෙනෙකුට සහ විදුහල්පතිවරුන් දෙදෙනකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වූ බව වජිර රණරාජා මහතා පැවසීය. පවතින තත්වය හමුවේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් තුළ සෞඛ්‍යය මාර්ගඋපදේශ දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |