2021 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද රාත්‍රියේදී නිකුත් වෙයි..?
2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (12) රාත්‍රියේ දී නිකුත් කිරීමට සූදානම් වන ලෙස සිය නිලධාරින්ට උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ඒ අනුව එම ප්‍රතිඵල අද රාත්‍රියේ දී නිකුත් කෙරෙනු ඇති.
2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය ජනවාරි මස 22 වැනි සෙනසුරාදා පැවැත්වුණා.
ඒ පෙරවරු 9.30ටයි. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පෙර වසරවලදී ඉරිදා දිනයේ දී පැවැත්වුණු අතර, එය සංශෝධනය කරමින් සෙනසුරාදා දිනයේ දී පැවැත්වීමට තීරණය කෙරුණු බවටයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පැවසුවේ.
ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් දරුවන් 255,062ක්, දෙමළ මාධ්‍යයෙන් 85,446ක් පෙනී සිටි අතර සමස්ත සංඛ්‍යාව 340,508ක්.
විභාග මධ්‍යථාන 2943ක පැවැත්වුණු මෙවර ශිෂ්‍යත්ව විභාගය කොවිඩ් -19 ආසාදිත දූ දරුවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 108ක් ක්‍රියාත්මක කෙරුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |