හෙලිකොප්ටර්යක නැඟී පලාගිය දේශපාලන ප්‍රබලයා කවු ද? -
Sri Lanka
economic crisis
Mavanalla
Kagalle
Kanak Herath
By Sithumi
අද උදෑසන කෑගල්ල නිදහස් මාවතේ විශාල පිරිසක් එක්රොක් වී උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත වුණා. ඒ මේ දිනවල රට පුරා පැතිර යන ආර්ථික පීඩනයට එරෙහි උද්ඝෝෂණ රැළි මාලාවට සමගාමීවයි.
මේ පිරිස් කෑගල්ල නිදහස් මාවත එක්රැස්වී උද්ඝෝෂණයේ නිරත වන අතරතුර කෑගල්ල නගර සභා පිටියට පෞද්ගලික ගුවන් සේවාවකට අයත් හෙලිකොප්ටර් යානාවක් ගොඩ බස්වා තිබෙනවා.
හොර රහසේ පැමිණි මෙම හෙලිකොප්ටර් යානාවේ නැගී කෑගල්ල ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකු සිය පවුල ද සමගින් ප්‍රදේශයෙන් පිටත්ව ගිය බවට යි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
අදාල හෙලිකොප්ටර් යානාව ගුවනට නැගී මහනුවර දෙසට මුහුණලා පියාසර කළ බවත් උද්ඝෝෂණයේ නිරතවූවන් සඳහන් කළා. කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්ගේ නිවස පිහිටා ඇත්තේ ද කෑගල්ල නගරසභා ක්‍රීඩාංගනයට යාබදව යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |