මෙරට පුද්ගලයෙක් මෙල්බන්හිදි සිය දික්කසාද බිරිද මරා දමයි.. දරුවන් ලබා දුන් සාක්ෂිය...

Melbourne Murder
By Sithumini Sep 01, 2024 06:16 AM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report


මෙරට  බොහෝ දෙනෙක් මෙල්බන් එහෙමත් නැත්නම් ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශවල වාසය කරනවා.

එවැනි පසුබිමක ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ආසන්න සෑන්ඩ්හර්ස්ට් ප්‍රදේශයේදී සිය දික්කසාද බිරිද ඝාතනය කළ ශ්‍රී ලාංකිකයෙක් පිළිබදව වාර්තා වනවා.

ඔහු නමින් දිනේෂ් කුරේරා.

ඔහුව මෙම සිදුවීමට අදාලව එරට අදිකරණයක් මගින් වරදකරු කර තිබෙන්නේ 16 හැවිරිදි දියණිය සහ 17 හැවිරිදි පුත්‍රයා ද අධිකරණයේදී සාක්ෂි ලබාදී තිබූ සාක්ෂි අනුවයි.

මන්ද එම පුද්ගලයා අධිකරණයට පවසා තිබුණේ තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් තමා ඇයව පොරවකින් කොටා ඝාතනය කළ බවයි.

එහෙත් ඝාතනයට ලක්වූ කාන්තාවගේ නීතිඥයින් පවසා තිබුණේ ඇගේ ශරීරයේ තුවාල 35ක් පමණ තිබූ බවයි. පසුව මව පියාගේ ගැටුම බලාසිටි දරුවන් මේ සාක්ෂි ලබා දී තිබුණා.