විශ්වාසභංගයට ශ්‍රිලනිපය සිය තීරණය ඉදිරිපත් කරයි.. ඔවුන්ගේ තීරණය මෙන්න..

By Sithumi May 05, 2022 05:24 PM GMT
Report

විශ්වාසභංගය පිළිබඳව සිය පක්ෂයේ මතය ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබුණා එම සටහන පහතින් ,

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අප පක්ෂය. වත්මන් ආණ්ඩුව පිළිබඳව රටේ බහුතර ජනතාවට කිසිදු විස්වාසයක් නොමැති බැවින් ආණ්ඩුව ගෙදර යායුතු බව අපගේද අදහසය.විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජයට පත්වු පසු රට අරාජික වීමට ඉඩ තැබිය නොහැක.

එම නිසා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට යෝජනා දෙකක් මෙලෙස ඉදිරිපත් කරනු ලැබීය, වත්මන් ආණ්ඩුව පරාජය කිරීමෙන් පසුව සර්ව පාක්ෂික ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවිය යුතු අතර සමගි ජන බලවේගයද එහි පාර්ශ්වකරුවෙකු ලෙස කටයුතු කළ යුතුය. එසේ නැතහොත් ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් පසුව සමගි ජන බලවේගය නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය.

විස්වාසභංග යෝජනාවට සහාය ලබාදීමට නම් මෙම යෝජනා දෙකෙන් එකකට හෝ එකඟ වියයුතු බවත්, ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන යෝජනාව කුමක්දැයි කඩිනමින් දැනුම් දෙන ලෙසත් අප විපක්ෂ නායකතුමාට මෙම ලිපියෙන් දන්වන ලදී.

Gallery