තවත් කාන්තා මළ සිරුරක් හමුවූ තැන. කාන්තාවක් ගැන ඇහෙන. හයානක පුවත

CID - Sri Lanka Police Sri Lanka Police Anuradhapura Crime Branch Criminal Investigation Department Crime
By Sithumi Jun 10, 2023 02:59 PM GMT
Report

අනුරාධපුර පූජා නගරය ආසන්නයේ පිහිටි ඇළක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අනුරාධපුර - කොහොඹ ගෑස් හන්දිය ප්‍රදේශයේ හල්පානු ඇල ප්‍රදේශයේ තිබී සොයාගත් කාන්තා මළ සිරුර දින පහක් පමණ පැරණි බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ද සිදු කිරීමට නියමිත බවයි පොලීසිය පවසන්නේ

ඇළ ආශ්‍රිතව වගා කටයුතුවල නිරතව සිටි ගොවියෙකු දුර්ගන්ධයක් පැවතීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශය සෝදිසි කිරීමේදී ඇළේ තිබී කාන්තාවගේ මළ සිරුර සොයා ගත් බව පොලිසිය පවසනවා

පසුව ඔහු ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව මේ බව අනුරාධපුර පොලිසියට දන්වා තිබුණා