රටේ ප්‍රධානතම පිරිසක් හෙට වැඩ වර්ජනයකට එලැඹෙයි..

By Sithumi May 09, 2022 03:31 PM GMT
Report

හෙට දින සිට නැවත දැනුම්දෙනතුරු සියලු රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දැනට පත්කොට ඇති දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මින් ඉදිරියට පිළිනොගන්නා බවය.

එසේම මින් ඉදිරියට දේශපාලනඥයින් සහභාගී වන කිසිදු රැස්වීමකට සහභාගීවීමෙන් වැළකී සිටින බවද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.