පොලිස් වෙසින් පැමිණ සිදුකළ භයානක පැහැරගැනීමක් ගැන තොරතුරු

Police spokesman Sri Lanka Police Investigation Crime Branch Criminal Investigation Department Policy Announcement
By Sithumini Jul 07, 2024 07:07 AM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report


මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් තමන් පොලිස් නිලධාරීන් බව පවසා 55 හැවිරිදි පුද්ගලයෙකුව ජූනි 29 වනදා පැහැරගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක සැක පිට පුද්ගලයින් දෙදෙනෙකු සෙවනගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී.

සිද්ධියට යොදාගත් මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.