කැබිනෙට් මණ්ඩලයේ වෙනසක්.. හෙට සිදුවන විශේෂ වැඩේ..
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
Sri Lanka Cabinet
By Sithumi
අජන්ත කුමාර අගලකඩ) කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට (23) දිවුරුම් දීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන මහින්ද අමරවීර ,ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් ද,මීට පෙර කැබිනට් මණ්ඩලයේ සිටි පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිපදෙනකුද අද දිවුරුම් දෙන ඇමතිවරුන් පිරිසට ඇතුළත් වනු ඇතැයි දැනගන්නට තිබේ.
ජනාධිපතිවරයා, අගමැතිවරයා හැරුණුවිට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් නව දෙනකු මේ වන විට දිවුරුම් දී ඇති අතර, අද දිවුරුම් දෙන දස දෙනාද සමඟ ඇමති මණ්ඩලය 25 දෙනකු ට පමණ සීමා වනු ඇතැයි දැනගන්නට ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |