මෑතකදි කළුතර සිදුවූ ප්‍රභල අපරාද දෙකක් සම්බන්දයෙන් අද ලබා දුන් නියෝග..

CID - Sri Lanka Police Sri Lanka Police Kalutara Crime Kalutara Incident
By Sithumi Jun 23, 2023 03:29 PM GMT
Report

      කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී ලබන ජුලි 07 දා දක්වා යලි රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය අද (23) නියෝග කර තිබෙනවා කළුතර උතුර, සුභසාධක මාවතේ පදිංචි විදානආරච්චි සංක තිවංක ජයවික්‍රම යන 30 හැව්රිදි අයෙකු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකළා.

මේ අතර කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය අද (23) නියෝග කලා.

දැරිය පස්මහල් ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමග කාමරයේ සිටී බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන සැක කරුවන්වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි තරුණයා සහ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැව්රිදි තරුණිය මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකළා.

දකුණු කළුතර, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ ඉකුත් මැයි 6 දා රාත්‍රි වැටී මියගොස් සිටී සොයාගන්නා ලද කළුතර, නාගොඩ , "සැනසුම" අංක 115 නිවසේ පදිංචිව සිටී ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරියගේ මරණය සම්බන්දයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද (23) දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන තිබුණද්.