ඝාතනයක් කිරීමට තැත්කළ දෙදෙනෙකු අත්අඩංගුවට ..

Sri Lanka Police Attempted Murder Sri Lanka Crime Branch Criminal Investigation Department Crime
By Sithumi Jan 12, 2023 12:09 PM GMT
Report

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙක් පිස්තෝලයක් සමග ඇල්පිිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

අද (12) උදෑසන පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව එම සැකකරුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 30 හා 39 වයස්වල පසුවන ඇල්පිටිය ප්‍රදේශයේ පදිංකරුවන් දෙදෙනෙක්.

   මෙම සැකකරුවන් 2022 ජනවාරි මාසයේ 23 වනදා ඇල්පිටිය, යක්කඩුව ප්‍රදේශයේදී  පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල සිදුකර යතුරුපැදියකින් පළාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.  

එක් සැකකරුවෙකු සන්තකයේ තිබී වෙඩිතැබීම සඳහා භාවිතාකළ පිස්තෝලය, පතරොම් 4ක් සහිත ගැබක්, සහ ජංගම දුරකථන 03ක් පොලිස් භාරයට ගෙන තිබුණු අතර මීට අමතරව අපරාධය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය කොස්ගොඩ ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now