කෝටිපති ව්‍යාපාරිකයා සිදුකළ දෙයක් මාට්ටු වෙයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka Politician
By Sithumini Jul 05, 2024 05:21 PM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report

ගුවන් මගින් කුෂ් හා කොකේන් මෙරටට ආනායනය කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සැඟව සිටියදී නාවලදී අත්අඩංගුවට ගත් අතර ඔහු කුලී පදනම මත රැඳී සිටි නිවසේ තිබී සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

මේ දිනවල දැඩි කතාබහකට ලක්වී ඇති නිරූපන ශිල්පිනියකගේ නමින් එය ලියාපදිංචිවී ඇති බවද පොලීසිය පැවසුවා.

රුපියල් කෝටියක මුදලක් ලබාදී ඔහු එය මිලදීගෙන ඇති අතර ඉතිරි මුදල ලබාදීමට නියමිත බවද සැකකරු විමර්ශන නිලධාරින්ට පවසා තිබෙනවා.