දිනෙන් දින ඇහෙන පියවරුන්ගේ කෲරකම්... මෙහෙමත් කරන්න පුළුවන්ද..

Galle Child Abuse Crime Polio
By Sithumini Jul 25, 2024 04:41 AM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report

සිය දරුවන්ට කෲර ලෙස සලකන පියවරුන් පිළිබදව අපට දැන් නිරන්තරයෙන් වාර්තා වනවා.

පසුගියදා කුකුල් චමින්ද නම් පුද්ගලයා තම දියණියට කළ සාහසික ප්‍රහාරය.

සමාජ මාධ්‍ය පුරා සංසරණය වුණා. එමෙන්ම පසුගිය දිනෙක සිය දස හැවිරිදි දියණිය කෙලෙසූ සාහසික පියෙක් පිළිබදව පස්සර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එවැනි පසුබිමක සිය බිරිද විදෙස් ගතව සිටිනා පසුබිමක සොය දරුවාට සාහසික ලෙස සලකන පියෙක් අත්අඩංගුවට ගැනීමට ඇල්පිටිය පොලීසිය ඊයේ කටයුතු කර තිබෙනවා.

ඇල්පිටිය අනුරුද්ධගම කරන්දෙණියේ අවුරුදු 3යි මාස 6ක කුඩා පිරිමි දරුවෙකුට හින්සාකරන බවට 118 කෙටි පණිවුඩ මධ්‍යස්ථානයට පැමිණි දුරකථන ඇමතුමක් මත ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු විසින් දරුවාගේ අත් ඔසවා බිම දණ ගස්වා දරුවා විසින් ආහාර ඉල්ලා සිටිමේ දී පරුෂ වචනයෙන් බැණ වැදී තිබෙනවා.

එමෙන්ම, දරුවාගේ එක් පාදයක් පාපැදියක ඉදිරිපස රෝදයට යට කරමින් සාහසිකකව ක්‍රියාකර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

එම සැකකාර පියා මෙලෙස දරුවා කෘෘරත්වයට පත්කිරීමේ වීඩියෝ විදේශගත මවට යොමු කර ඇති බව ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වීතිබෙනවා. අදාළ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ද නිරීක්ෂණය වී ඇතැයි පොලීසිය පවසනවා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%