චාමර සම්පත් සහ හිටපු ලේකම් ලබන 10 තෙක් යළි රිමාන්ඩ්

Law and Order Latest Headlines MP Chamara Sampath Dassanayake Sinhala news Remand
By R.rishma Nov 06, 2026 06:30 AM GMT
Report

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයෙකු සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ හිටපු ලේකම් ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (06) නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබා දෙනු ලැබුවේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

චාමර සම්පත් දසනායක මහතා 2022 සැප්තැම්බර් 08 වැනිදා සිට 2024 සැප්තැම්බර් 23 වැනිදා දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලසීමාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇත.

එම කාලය තුළ පොස්පේට් ආනයනය කිරීම සඳහා සමාගම් තුනකට නිසි ක්‍රමවේදයෙන් බැහැරව බලපත්‍ර ලබාදීම වෙනුවෙන් අල්ලස් මුදල් ලබාගත් බවට කොමිසම විසින් චෝදනා කර තිබේ.