නාමල් රාජපක්ෂට ඇප
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතාගේ මව සහ පියා දැඩි අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස සලකා තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු ඉකුත්දා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
කෙසේ වෙතත්, එම ඇප ඉල්ලීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විරෝධය පළ කර තිබේ.
දෙපාර්ශ්වය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අද මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.
කොළඹ ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ පිහිටි ඉඩමක් ඉන්දියානු ක්‍රිෂ් සමාගමට බහුකාර්ය ව්‍යාපෘතියක් සඳහා ලබාදීමේ කටයුතු ඉටුකරදීම වෙනුවෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අනතුරුව අධිකරණ නියෝග මත ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.