අපලයක් දුරු කරන්න ගිය කපුවා දියණියක් ලිංගිකව අපයෝජනය කරයි.

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime
By Sithumi Jan 15, 2023 05:16 PM GMT
Report

අපලයක් දුරු කිරීමට ශාන්ති කර්මයක් කර ගැනීමට දොම්පේ  දේවාලයකට රැගෙන ගිය අවුරුදු 12ක් වයසැති දැරියක් එම දේවාලය තුළ දී බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන එම දේවාලයේ කපුවා දොම්පේ පොලිසිය විසින් පෙරේදා 14 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

  මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ තිස්හත් හැවිරිදි අයෙක් වන අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල්ගත කරනු ලැබුවා. පොලිසිය සඳහන් කළේ කපුවා ගෙන් සිදු වූ බව කියන අතවරය ගැන දැරිය පියාට ඒ අවස්ථාවෙම පවසා ඇතත් ඔහු ඒ ගැන නොසලකා හැර ඇති බවට තොරතුරු  අනාවරණය වූ බවයි.  

මේ බව හෙළි වීමෙන් පසු දැරියගේ පියා ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර්සැකකාර පියා දියණියට ඇති බව කියන අපලය දුරුකර ඇයට ශාන්තිකර්මයක් කර ගැනීමට සහ නිවසට දේව ආරක්ෂාව ලබා ගැනීමට දියණිය ද කැටිව දොම්පේ පොලිස් වසමේ පිහිටි දේවාලයකට රැගෙන ගොස් තිබෙනවා.

   බාලවයස්කාර මෙම දැරියට ඇතැයි කියන අපලය දුරු කරන්න බව කියා ඇය පමණක් දේවාලය ඇතුලට කපුවා විසින් කැඳවා ගෙන ඇතැයිපොලිසිය පවසනවා.