පසුගිය වසරේ අතුරුදන් වූ තරුණයන් දෙදෙනෙකුට සිදුවූ දේ

Crime Branch Criminal Investigation Department Crime
By Sithumi Jan 12, 2023 01:13 PM GMT
Report

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අතුරුදන් වූ බව පැවසෙන පුද්ගලයින් දෙදෙනකුගේ මෘත ශරීර සොයා පොලීසිය විසින් රඹුක්කන ප්‍රදේශයේ කැණීමක් ආරම්භ කර තිබෙනවා. 

 මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා. පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ අතුරුදන් පුද්ගලයින් දෙදෙනා යම්කිසි පිරිසක් විසින් ඝාතනය කර වළදමා ඇති බවයි. 

 ඒ අනුව පොලීසිය විසින් අදාළ නිවස පසුපස මෙලෙස කැණීම් ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ද මේ වනවිට පොලීසිය විසින් හඳුනාගෙන තිබෙනවා. සැකකරුවන් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.  

දැනට නිරීක්ෂණය වී ඇති කරුණු අනුව මෙම ඝාතනය පසුපස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින බවට සැකපළකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය සහ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන සිදුකරන බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now