ලොවක් එපා කියන රුසියාව සමග මෙරට තේ පිලිබද ගිවිසුමක් සදහා ඉල්ලිමක්...

Russian Gagana news Tea Exports Tea Exporters Association Sri Lanka Tea Board
By Subodha Apr 09, 2022 05:25 AM GMT
Report

සිලෝන් ටී හෙවත් ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් මිලට ගන්නා රුසියාව සමග අවබෝධාත්මක වෙළඳ ගිවිසුමකට එළඹෙන්නැයි තේ අපනයනකරුවන්ගේ සම්මේලනය ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් ඉල්ලීමක් කරනවා.

යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට පැනවුණු ජාත්‍යන්තර සම්බාධක නිසා එරට සමග වෙළඳ කටයුතු දැන් ගැටලුකාරිවීම ඊට හේතුවයි.

එහෙත් එම සම්බාධක පිළිනොගන්නා චීනය හා වියට්නාමය රුසියාව වෙත තවදුරටත් තේ අපනයන සිදුකරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්දියාව ද රුසියාව සමග අවබෝධාත්මක වෙළඳ ගිවිසුම් වලට එළඹී එරට සමග ගනුදෙනු සිදු කරනවා.

තේ අපනයනකරුවන්ගේ සම්මේලනය ඉල්ලා සිටින්නේ රුසියානු තේ වෙළඳපොළ රැක ගැනීමට නම් එවැනි ගිවිසුමකට එළඹීම අවශ්‍යතාවක් බවයි.

ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව රුසියාවට තේ කිලෝග්‍රෑම් මිලියන 28 ත් 30 ත් අතර ප්‍රමාණයක් අපනයන කරන අතර යුක්රේනයට ද කිලෝග්‍රෑම් මිලියන 4 ක් පමණ අපනයනය කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now