දිවයිනේ කාලගුණය ගැන අලුත්ම ආරංචිය මෙන්න

Department of Meteorology Weather Latest Headlines Sinhala news Lightning Alert
By R.rishma Nov 13, 2026 08:16 AM GMT
Report

අද (13) දිනයේදී දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාප පද්ධතිය අපේක්ෂා කළාට වඩා ශ්‍රී ලංකාවෙන් දුරස්ව ගමන් කරන ආකාරයක් නිරීක්ෂණය වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, නැගෙනහිර පළාතේ මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයකට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව ද සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හටගැනීමේ අවදානමක් ද පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

එමෙන්ම, අඩු පීඩන කලාප පද්ධතියේ ඉදිරි හැසිරීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින අතර, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද වැඩිදුරටත් දැනුම් දෙයි.