පාසල් දරුවන්ට 2022 වර්ෂයට සුභ පණිවුඩයක් ...

Department of Government Information Gagana news Textbooks Commissioner General of Educational Publications PN Ilapperuma 2022 years
By Subodha Mar 23, 2022 09:48 AM GMT
Report

2022 වර්ෂය සඳහා පාසල් දරුවන් වෙත ලබා දීමට නියමිත පෙළ පොත්වලින් සියයට 92 ක් බෙදා හැර අවසන් බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පී.එන්.අයිලප්පෙරුම මහතා ප්‍රකාශ කරනවා.

කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසූයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (22) සංවිධාන කළ “ජාතික පාසල් දහසක්” වැඩසටහනේ ප්‍රගතිය හා අනාගත දරුපරපුරට හිමිවන ප්‍රතිලාභ මැයෙන් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

පෙළ පොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 2338.5ක් වැය කර තිබෙනවා.

ඒ හැර පෙළ පොත් දරුවන්ගේ අතට පත්වෙන තෙක් බෙදා හැරීම සඳහා ද රජය වියදම් කර තිබෙනවා.

මුද්‍රණය කිරීමට නියමිත පෙළ පොත් ලබන පාසල් වාරය ආරම්භයට පෙර මුද්‍රණය කර දරුවන් වෙත ලබා දෙන බවයි පී.එන්. අයිලප්පෙරුම මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

මුද්‍රණ කටයුතු කඩිනම් කිරීම සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මේ වන විටත් මුද්‍රණ ආයතන සමග සාකච්ඡා කර තිබෙනවා.

පෙළ පොත් මුද්‍රණය කඩිනම් කිරීමට අවශ්‍ය සහය ලැබී ඇති බව කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now