ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම වීඩියෝගත කළ බවට කළ ප්‍රකාශය ගැන විමර්ශනයක්
Udaya Gammanpila
Latest Headlines
Nalinda Jayatissa
Sinhala news
Cabinet Decisions
By R.rishma
බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම වීඩියෝගත කර ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
උදය ගම්මන්පිල මහතා සිදුකළ මෙම ප්‍රකාශය බරපතළ කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය මැදිහත්ව විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් කළේය.