බඩගින්නට කොස් ගෙඩියක් නිසා සිදුවු විනාශය...

Gagana news Elpitiya Police Chemistry Jackfruit
By Subodha Mar 23, 2022 11:29 AM GMT
Report

ඇල්පිටිය පිටුවල දෙකේ කනුව ප්‍රදේශයේදී බඩ ගින්නට දවාලට කන්න කොස් ගෙඩියක් කැඩූ පුතාට බාප්පා පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ ඇල්පිටිය පිටුවල දෙකේ කනුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක් බවද පොලිසිය කියයි .

මියගිය අය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඥාති පුතාට පිහියකින් ඇන්න බාප්පා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩන්ගුවටගත් බව පොලිසිය පැවසීය .

මේ මියගිය ඥාති පුතත් බාප්පාත් අසල්වැසියන් බව පවසන පොලිසිය මේ දෙදෙනාගේ නිවස ඉදිරිපිට ඇති කොස් ගසින් ඥාති පුතා අද (23දා) දහවල් බඩගින්න නිවා ගැනීමට කොස් ගෙඩියක් කඩාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුතා හා බාප්පා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් බාප්පා පුතාගේ පපු පෙදෙසට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවත් පොලිසිය කියයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now