රටේ ජනතාව බඩගින්නට දමා ගෑස් නැවකට සිදුවු දේ මෙන්න..

Gagana news Laugh Company Laugfs Gas Chairman W.K.H. Wegapitiya
By Subodha Apr 02, 2022 05:26 AM GMT
Report

ලාෆ් සමාගම විසින් මෙරටට ආනයනය කළ මෙම ගෑස් නෞකාව ගෑස් ගොඩබෑම සිදුනොකර මෙලෙස ආපසු හැරී යන බවයි දැනුම් දී ඇත්තේ.

ගෑස් ගොඩබෑම සඳහා අවශ්‍ය ගෙවීම් කටයුතු සිදු කිරීමට මෙරට රාජ්‍ය බැංකුවක් විසින් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට සිදුකළ යුතු ණයවර ලිපි විවෘත කිරීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මෙම ගෑස් නෞකාව භාර ගැනීමට නොහැකි වූ බවයි ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සඳහන් කළේ.

එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමේ අරමුණින් මෙම ගෑස් නෞකාව මෙරටට ගෙන් වූ බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ගෑස් නෞකාව ගොඩබෑම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා දින ගණනාවක සිට බලධාරීන් සහ අදාල රාජ්‍ය බැංකුව සමඟ සාකච්ඡා කළ බව ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා පවසා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now