වසා දැමු බලාගාරයේ විදුලිය නිෂ්පාදනය යළි ආරම්භයි...

Ceylon Electricity Board Gagana news Kerawalapitiya Power Plant Acting General Manager
By Subodha Apr 02, 2022 06:45 AM GMT
Report

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් එම බලාගාරය පසුගියදා වසා දැමු කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලිය නිෂ්පාදනය යළි ආරම්භ කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, ඩීසල් තොග ලැබීමත් සමග විදුලිය නිෂ්පාදන කටයුතු එලෙස යළි ඇරඹි බවයි.

ලංකා ඉන්දිය ඔයිල් සමාගම සමග ඇති කරගත් එකඟතාව අනුව, විදුලිය නිෂ්පාදනයට සපයා ගන්නා ඩීසල් මෙට්‍ර්ක් ටොන් 6,000ක තොගයෙන් මෙට්‍රික් ටොන් 1,500ක් පමණ මේ වනවිට කෙරවලපිටිය බලාගාරයට ලැබී ඇති බවයි.

මීට අමතරව දැනට විදුලිය නිෂ්පාදනය අත්හිටුවා ඇති සොජිට්ස් බලාගාරයේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ඩීසල් තොග දුම්රියෙන් අද දිනය තුළ ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද, වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, ඩීසල් තොග ලද විගස එම බලාගාරයේ කටයුතු යළි ආරම්භ කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now