නොසැලකිලිමත් රිය ධාවනය නිසා කුඩා බිලිදෙකුට අත්වු ඛේදනීය ඉරණම....

Accident Gagana news Horowpothana police Horowpothana
By Subodha Mar 24, 2022 03:43 AM GMT
Report

අනුරාධපුර හෙරෙව්පොතාන පොලිස් වසමේ රැලපනාව අතුරු මාර්ගයේදි සිදුවු රිය අනතුරකින් කුඩාදරුවෙකු ජිවිතක්ෂයට පත්වි තිබේ .

රැලපනාව පාසල ඉදිරිපිට දි රැලපනාව දෙසට ගමන්ගත් ත්‍රි රෝද රථයක් පැදවු කාන්තාවකට වේගය  පාලනය කර ගැනීමට නොහැකිව පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවි ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් ත්‍රිරෝද රථයේ පිටිපස ගමන්ගත් කුඩා දරුවෙකු බරලතල තුවාල ලබා හෙරෙව්පොතාන රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු එකහමාරක එම ප්‍රදේශයේම පදිංචිව සිටි කුඩා දරුවෙකි.

දේහය අනුරාධපුර රෝහලේ තැම්පත් කර ඇත.

ත්‍රි රෝද රථය පැදවු කාන්තාවගේ අපරික්ෂාකාරි නොසැලනිලිමත් රිය ධාවනය හෝතුවෙන් මෙම අනතුර සිදුව ඇත.

හෙරෙව්පොතාන පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now