අපරික්ෂාකාරි රිය ධාවනය නිසා දිවි අහිමි වු රුසියන් කත...
රුසියානු ජාතික කාන්තාවක් අහංගම නගරයේදි වැලි ලොරියකට යටවිමෙන් අද සවස මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මාතර දෙස සිට ගාල්ල දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ඇය ඉදිරියෙන් ගිය වැලි ලොරියක වම් පසින් ඉස්සර කිරිමට යාමේදි පාර අයිනේ නවතා තිබු ත්‍රි රෝද රථයක වැදි පාරට වැටි ඇති බවත් ඒ සමගම ඇය ලොරියට යටවි ඇති බවත් පොලිස පවසයි.
මෙසේ මියගොස් ඇති කාන්තාව KIKTEVA INNA 38 හැවිරිදි කාන්තාව බවටත් ඇයගේ රුසියානු ලිපිනය CHELIABINSKAIA OBLAST RUASSIA බවට ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අනුව හඳුනාගෙන ඇති බවද පොලිසිය පවසයි.
මෙම කාන්තාවගේ ශරීරය මේ වන විට කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එම මෘත ශරීරය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉදිරියේදී ගන්නා බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ලොරි රථ රියදුරුගේ අපරීක්ෂාකාරී නොසැලකිලිමත් රිය පැදවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |