තිදෙනෙකු ගිය යතුරුපැදියෙන් නොසැලකිලිමත්කම නිසා දෙදෙනෙකු මරුට...
තිදෙනෙකු ගමන් ගත් යතූරැ පැදියක් අනාරක්ෂිතව අධික වේගයෙන් ගමන් කිරීමේදී පාලනය කර ගත නොහැකිව තාප්පයක ගැටීමෙන් එහි ගමන් කළ තිදෙනාගෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල සහිතව මාවනැල්ල මුලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බව මාවනැල්ල පොලීසිය පැවසිය.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මාවනැල්ල අම්බුලුගල පදිංචිව සිටි 24 හැවිරිදි අයෙකු හා මාවනැල්ල අම්බුලුගල අක්කර 10 පදිංචිව සිටි 21 හැවිරිදි අයෙකු ය.
අනෙක් පුද්ගලයා තුවාල ලබා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.
මොවුන් තිදෙනා මාවනැල්ල නගරයේ ඊයේ (20) පැවැති සංගිත සංදර්ශනයක් නරඹා හිස් වැසුම් පවා නොමැති එකම යතුරු පැදියක අධික වේගයෙන් ඔවුන්ගේ නිවෙස් කරා රාත්‍රි 9.30 පමණගමන් කිරීමේදී යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව වැලි ගල්ල ප්‍රදේශයේ නිවසක තාප්පයක ගැටී ඇත.
යතුරු පැදිය ගැටෙන ශබ්දය අසා එම ස්ථානයට පැමිණි අසල්වාසීන් විසින් තුවාලකරුවන් රෝහල වෙත ගෙන ගොස් ඇති අතර ඇතුල් කිරීමටත් පෙර දෙදෙනෙකු මිය ගොස් සිටි බවද පොලීසිය පැවසීය.
මාවනැල්ල පොලීසිය විසින් පරීක්ෂණ සිදු කරයි.
පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |