තාවකාලික රියදුරු බලපත්‍ර පරීක්‍ෂාවට පරිගණක යෙදවුමක්...

Police Gagana news Sri lankan news A computer application for driver's license verification
By Subodha Mar 09, 2022 04:26 AM GMT
Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍ර පරීක්‍ෂා කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට ආරක්‍ෂිත ක්‍රමවේද සහිත පරිගණක යෙදවුමක් හදුන්වාදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. අලහකෝන් මහතා පැවසීය.

 රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් හඳුන්වා දීමට සිදුවෙතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, ඒවා මුද්‍රණයට යොදා ගන්නා ආනයනික කාඩ්පත් තොග ඉතා සුළු ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් ය.

ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන බව එම කාඩ්පත් අවසන් වුවහොත් ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ය.

රටේ පවතින විදේශ විනියමය හිඟය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන කාඩ්පත් හිඟයකට මුහුණ දී සිටින නිසා රියදුරු බලපත්‍ර කාඩ්පත වෙනුවට වසරක තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් කීය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now