අද දිනයේ වැසි වැටෙන ප්‍රදේශ - සූදානම් වෙන්න
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(28) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්, උතුරු, උතුරු-මැද පළාත්වලත්, පුත්තලම, ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවනු ඇත. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දිශාවට හමන අතර, සුළඟේ වේගය පැ.කි.මී. 30-40 අතර විය හැකිය.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම, කන්කසන්තුරය හා ත්‍රිකුණාමලය හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා ඉහළ යා හැකි බවත්, මෙම ප්‍රදේශවල මුහුද රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.