ප්‍රදේශ කිහිපයක කාලගුණය වෙනස් වෙයි..සිදුවන වෙනස සහ එම ප්‍රදේශ මෙන්න.

Sri Lanka
By Aruna May 01, 2022 02:27 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩිවිය හැකි බව දන්වා ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now