නඩු භාණ්ඩ ගබඩාවෙන් ගංජා සොරකම් කර විකුණූ රාජ්‍ය සේවකයා
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වැල්ලවාය අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතව සිටි එහි කාර්යාල සේවකයෙක් සහා මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
හපුතලේ ප්‍රදේශයේ දී ගංජා ග්‍රෑම් 555ක් සමඟ සැකකරුවෙකු පළමුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වල දී ජාවාරම සිදු කළ අධිකරණ කාර්යාල සේවකයා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති අතර පසුව අදාළ ප්‍රධාන සැකකරු බෙරගල - වැල්ලවාය මාර්ගයේ අයිස්පීල්ල පාළම අසල දී ගංජා කිලෝ 04 යි ග්‍රෑම් 305ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රධාන සැකකරු වසර 25 ක පමණ සිට විවිධ අධිකරණවල සේවය කර ඇති බවත්, නඩු ගබඩාවල ඇති ගංජා නිවසට රැගෙනවිත් නැවත පාර්සල්කර හපුතලේ සහ කොස්ලන්ද ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඌව පළාත තුළ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත.
සැකකරු කොස්ලන්ද පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව බණ්ඩාරවෙල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිනවා.