එදා ඇත්තටම මොකක්ද වුනේ..? රටම කලඹමින් මියගිය ජිවිත ගණන,ගෙවල්,වාහන හානි ගැන සම්පූර්ණ විස්තරයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් මෙන්න.. (PHOTO)

Sri Lanka Police Go Home Gota Gota Go Home 2022 SL Protest
By krishani May 11, 2022 01:37 AM GMT
Report

(09) වන දා දිවයින පුරා ඇති වූ කලහකාරී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා හමුවේ පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසන අතර වාහන 41කට සහ නිවාස 65කට හානි සිදුව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය කියාසිටින්නේ.

එයට අමතරව නිවාස 38කට සහ වාහන 47කට ගිනි තබා ඇතැයි සඳහන් වේ. මියගිය 8 දෙනාගෙන් 6 දෙනෙකු බස්නාහිර පළාතේ වන අතර දෙදෙනෙකු මියගොස් ඇත්තේ දකුණු පළාත තුල සිදුවූ ප්‍රචණඩකාරී සිදුවීම් අතරතුරයි.

බස්නාහිර පළාත තුල පමණක් වාහනවලට හානි කිරීමේ සිදුවීම් 15ක් වාර්තා වන අතර වාහන ගිනි තැබීම් 29ක් වාර්තාවී ඇත. නිවාස ගිනි තැබීම් 8ක් බස්නාහිර පළාත තුලින් වාර්තා වී ඇති අතර නිවාසවලට හානි කිරීම් 23ක් වාර්තා වේ.

තවද දකුණු පළාතේ නිවාස ගිනි තැබීම් 7ක් වාර්තාවන අතර නිවාසවලට හානි කිරීම් 9ක් වාර්තා වී ඇත. එමෙන්ම දකුණු පළාතේ හානි සිදු කර ඇති වාහන සංඛ්‍යාව 05ක්. සබරගමුව පළාතේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හමුවේ වාහන 9කට ගිනි තබා ඇති අතර තවත් වාහන දෙකකට හානි සිදුකර ඇත.

සබරගමුව පළාතේ නිවාස 8කට ගිනි තබා ඇති අතර තවත් නිවාස 5කට හානි සිදුකර ඇති බවයි පොලිසිය කියා සිටින්නෙ.  මියගිය පුද්ගලයන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් සැරයන්වරයෙකු ද වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery