මුරකරු ඝාතනය කර ආයතනයක භාණ්ඩ සොරාගත් සංවේදි භයානක සිදුවීමේ තවත් තොරතුරු හෙළිවෙයි...

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Oct 28, 2023 04:34 PM GMT
Report

මේ වන විට වාර්තා වී තිබූ ශ්‍රී ලංකා පශු සම්පත් මණ්ඩලයේ මුරකරුවෙකු ඝාතනය කර භාණ්ඩ සොරාගත් පුද්ගලයන් තවමත් සොයා ගැනීමට නොහැකිව තිබෙනවා.

මේ සිදුවීමේදි අදාල මුරකරු වන ස්වාමිනාදන් මහතාගේ අත්පා කට ගැට ගසා තිබියදී දේහය සියා ගැනුණා. මෙහිදි අදාල පුද්ගලයන් සොරාගෙන ගොස් තිබුණේ මී පැණි සහ කිතුල් පැණි බෝතල් කිහිපයක් පමණක් බවද පොලීසියට අනාවරණ වී තිබෙනවා.

මෙම පුද්ගලයා මුරකරුව සිටියදි මීට අවස්ථා දෙකකට පෙරද මෙවැනිම සිදුවීම් වාර්තා වුවද අස්ථානගත්වූ භාණ්ඩ මුරකරුටම ගෙවීමටද සිදුව තිබෙනවා අවසානයේ එම මුරකරුට සිදුවුණේ සිය ජීවිතයෙන් වන්දි ගෙවීමටයි සැකකෘවන් සොයා ගැනීම සදහා පොලීසිය මහජන සහයද මේ වන විට පතමින් සිටිනවා.

මෙවැනි සිදුවීම් පිළිබදව බළධාරීන්ගේ දැඩි අවදානය යොමු විය යුතු වනවා. එසේ නොමැති නම් සිදුවන්නේ අහින්සක මිනිස්සුන්ට සිය රැකියාව ජීවිකාව වෙනුවෙන් සිදු කර සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවීමටයි.