ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට එක් වෙයි!!!..එම පිරිස මෙන්න..

Srilanka Freedom Party Sri Lanka Politician Sri Lanka
By Aruna May 22, 2022 06:16 AM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස්දෙනකු ආණ්ඩුවට එක් වනු ඇතැයි එහි ආරංචි මාර්ග අනුව වාර්තා වනවා.

දැනටමත් නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.

මහින්ද අමරවිර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්ප කුමාර සහ චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් මෙසේ ආණ්ඩුවට සම්බන්ධ වනු ඇතැයි ද වාර්තා වේ.

මෙම පිරිසෙන් මහින්ද අමරවීර මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ද ඉතුරු සිව්දෙනා ගෙන් තිදෙනෙකු ට රාජ්‍ය අමාත්‍යධුර ද හිමි වනු ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සහාය දීමට තීරණය කර ඇත්තේ තනතුරු බාර නොගෙන තවදුරටත් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිමිනි.

පක්ෂයේ එම තීරණය නොතකමින් මෙම පිරිස ආණ්ඩුවට එක්වීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now