ශ‍්‍රීලනිප 06ක් පනින්න යයි.. යන්නම ඕනෑ කියා කුණුහරුපෙනුත් බනී..පනින 06 දෙනා මෙන්න.

Srilanka Freedom Party Mahinda Amaraweera Maithripala Sirisena Nimal Siripala De Silva Sri Lanka
By Aruna May 16, 2022 01:20 AM GMT
Report

රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිත්වයෙන් යුතු ආණ්ඩුවට එක් වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල උග්‍ර මත ගැටුම් ඇතිවී තිබෙනවා.

දැනටමත් කිහිප දෙනෙකු පක්‍ෂ නායකත්වයට තර්ජනය කරමින් සිටින්නේ තමන් පක්‍ෂය කැමති වුණත් නැතත් ආණ්ඩුවට එක් වන බවටයි.

අවසන් වරට පැවැති මධ්‍යම කාරක සභාවේ දී එම පක්ෂ මන්ත්‍රීවරයෙක් වන චාමර සම්පත් දසනායක මහතා විසින් කුණුහරුපෙන් බැන වැදී ඇති බව වාර්තා වෙයි.

මෙසේ ආණ්ඩුවට යා යුතු බව දැඩිව කියා සිටින්නේ නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක යන පිරිසයි.

ඔවුන්ට දැනටමත් අමාත්‍ය දුර සදහා නම් යෝජනා වී ඇතැයිද දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය යෝජනා කර ඇත්තේ ආණ්ඩුව අස්ථාවර නොකර ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් වලට සහයෝගය දීම විපක්ෂයේ සිට කළ හැකි බවත් එය පක්‍ෂය ගෙන ඇති ස්ථාවරය බවත්ය.

නමුත් මෙම පිරිස පවසා ඇත්තේ කෙසේ හෝ ආණ්ඩුවට ගොස් අමාත්‍යධූරයක් භාරගෙන රටට වැඩි වැඩියෙන් සේවය කළ යුතු බවයි.

මේ අතර අද දිනයේ පැවැත්වීමට නියමිත පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැඩි උණුසුම් ස්වරූපයක් ගනු ඇතැයිද දැනගන්නට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now