හවස තේ එකට රසම රස නිවිති මුරුක්කු හදමු...

World Food Day Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Aug 23, 2022 09:30 AM GMT
Subodha

Subodha

in රචනා
Report

නිවිති දාලා හාල් පිටි වලින් මුරුක්කු හදන්නේ කොහොමද කියලා තමයි ඔන්න අද ඔයාලට කියලා දෙන්න යන්නෙ. ඔයාලට මේවා හවස තේ බොන වෙලාවට කෑමට ගන්න වගේ හදාගන්න පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය-

  • කපාගත් නිවිති කෝප්ප 1/2
  • හාල් පිටි 500g
  • ලුණු තේ හැදි 1/2
  • මිරිස් කුඩු තේ හැදි 1-1/2
  • වතුර අඩු කෝප්ප 1/2
  • සුදුරු ඇට කිහිපයක්
  • පොල්තෙල්


සාදන අයුරු -

  • නිවිති කොටා ඉස්ම අර ගන්න. භාජනයකට හාල් පිටි,ලුණු,මිරිස් කුඩු සුදුරු දමා මිශ්‍ර කරන්න. එම මිශ්‍රණයට නිවිති ඉස්ම එකතු කර ප්‍රමාණවත් තරම් ජලය භාවිතා කර මෘදු පිටි ගුලියකට අනා ගන්න. (ඉදි ආප්ප මිශ්‍රණයේ පදමට) ඉන්පසු මුරුක්කු වං ගෙඩියක් හෝ ඉදි ආප්ප වංගෙඩියට මුරුක්කු අච්චුව සවි කර හෝ එසේත් නැතිනම් ඉදි ආප්ප වංගෙඩියට සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් දමන්න. දැන් තෙල් තාච්චියක් ලිප තබා මද ගින්නේ තෙල් රත් වූ පසු මුරුක්කු වංගෙඩියෙන් තෙලට රවුම් ආකාරයට වක් කරන්න. ලා පැහැයට බැදී ගෙන එන විට මුරුක්කු තාච්චියෙන් ඉවත් කර තෙල් බේරෙන්න හරින්න. පසුව ආහාරයට ගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග
Join now