ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

Weather Latest Headlines Rain Sinhala news Puwath.lk
By Shehan Jul 14, 2025 05:28 AM GMT
Report

හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5-3.0 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

මෙය ගොඩබිමට එන රළවල උස නොවන බවත්, එහෙත් මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවත් දැනුම් දී ඇත.

ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා ඇත්තේ මේ පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙසයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.