විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන්ට විශේෂ නිවේදනයක්

Ministry of Education Education University Grants Commission Latest Headlines Sinhala news
By R.rishma Aug 06, 2026 12:19 PM GMT
Report

2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචි කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) දැනුම් දෙයි.

එම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සඳහා අවසන් දිනය ලෙස අගෝස්තු 14 වැනිදා නියම කර ඇති බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව දැනුම් දී තිබේ.