පාසල් දරුවන්ට විශේෂ පණිවුඩයක්...
Srilanka
school students
By Sithumi
පාසල් අද ආරම්භ වුවද සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සහ උණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
එවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් එම ලක්ෂණ පහවූ පසු ඔවුන් පාසල්වලට යැවීමට මවුපියන් වගබලා ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන් වයස 12 ට අඩු දරුවන් කොවිඩ් එන්නත්කරණයට භාජනයවී නොසිටින හෙයින් මවුපියන්, ගුරුවරුන්, පාසල් බස් රථ රියදුරන් ,සහායකයන් පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටීම වැදගත් බව සඳහන් කළ දීපාල් පෙරේරා මහතා පාසල් තුළදී දරුවන් ඒකරාශීවීම වැළැක්වීමටද ගුරුවරුන් කටයුතු කළ යුතු බව පැවසූවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now |