සම්බාහන කාන්තාවට ඇඟ හිරිවැටෙන අපරාධයක් කළ බස් කොන්දොස්තර සහ පෙදරේරුවා..!

Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation Crime
By Sewvandhi Apr 05, 2023 05:36 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය, සම්භාහන සේවිකාවක ගේ නවාතැන්පොලට ඇතුළු වී උල් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර ඇයගේ අත් පා ගැට ගසා ලිංගික අතවර කර රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකරුවන් දෙදෙනකු සහ සැලසුම්කරු වන ඇය සේවය කරන සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව කියයි.

අනෙක් සැකකරුවන් දෙදෙනා බස් කොන්දොස්තර කෙනෙකු සහ පෙදරේරුවකු බව පොලිසිය කියයි.

පසුගිය මස 18 වෙනිදා සම්බාහන මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ තුන්වන මහලේ රැඳී සිටි අදාළ කාන්තාව කාන්තාවගේ නවාතැනට පුද්ගලයින් දෙදෙනෙකු බලහත්කාරයෙන් ඇතුළු වී උල් පිහියක් පෙන්වා මරණ තර්ජන කර ලිංගික අතවර කර ඇත.

එමෙන්ම ඇය පැළඳ සිටි 50,000 පමණ රන් ආභරණ කොල්ල කා අත් බෑගයේ තිබූ රුපියල් 45000 ක මුදලක්ද කොල්ලකා පලාගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now